2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

0
108

NEWSNOW | – අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අද(21) වන අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වේ.

අද (21) දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්’ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්’ෂ විවාදයට ගැනීමට නියමිතය.

අද උදැසන 10ට විවාදය ආරම්භ වූ අතර එය පස්වරු 6 දක්වා පැවැත්වේ. ඉන්පසු අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වන දින පාර්’ මේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව දින 07 කාලයක් විසර්’ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර පෙබරවාරි 25වන දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.