පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන්

0
102

NEWSNOW | – පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් කෙරුණු බව මැතිවරණ කොමිසම පවසයි.

ඉන් අනතුරුව විරෝධතා ගොනුකිරීම දහවල් 1.30 දක්වා කාලය ලබාදී තිබුණි.

පසුගිය 17 වැනිදා සිට පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදු කෙරුණි.

මේ අනුව අද හෝ ඉදිරි දිනවල මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.