දේශබන්දු තෙන්නකෝන්ට ඇප හිමිවෙයිද? තීරණය අද

0
135

NEWSNOW | –  අද (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහු කළ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද පස්වරු 2.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත වාර්’තා වේ.

වරෙන්තු නිකුත් තිබූ දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ(19) උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විය.

එහිදී අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිකෙරුණි.

පසුව ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත්තේද දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.