NEWSNOW |- මේ පින්තූරයේ පෙනෙන යුවල කොයි තරම් කඩවසම් තරුණ යුවලක් ද? තමන්ගේ මරණයට සතියක් තිබෙන බව දැන ගත්තා නම් ඔවූන් මෙම විවාහය සිද්ද නොකරන්නටත් ඉඩ තිබුණි.
ඊයේ(18) ගාසා තීරයේදී ඊශ්‍රායලයේ දරුණුතම ප්‍රහාරවලින් ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ පවුල් සම්පූර්’ණයෙන්ම සමූල ඝාතනය විය.
මේ තරුණයා අන් කිසිවකු නොව අල් කුඩ්ස් බළකායේ නිල ප්‍රකාශක අබු හම්සා (25) ය.ඔහුගේ නිවස ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අබු හම්සා, ඔහුගේ බිරිඳ ෂයිමා අබු සෙයිෆ්, ඔහුගේ සොහොයුරා ගසාන් මහේර් අබු සෙයිෆ්, ඔහුගේ බිරිඳ සාරා අබු සේෆ් සහ ඔවුන්ගේ දරුවන් මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය අද(19) වාර්තා කළේය.
අබු හම්සා ප්‍රසිද්ධ මාධ්‍ය චරිතයක් වූ අතර නිතර පුවත්පත් සාකච්ඡා සහ ප්‍රකාශවල පෙනී සිටිමින්, වෙස්මුහුණක් පැළඳ අල්-කුඩ්ස් බලකායේ ප්‍රවෘත්ති සහ තනතුරු පිළිබඳව මහජනතාවට දැනුම් දුන්නේය.
බස් රථ රියදුරෙකු ලෙස සේවය කළ ඔහු තම කථිකත්වය සහ යුධ හා තාක්ෂණික විශේෂඥතාව තුළින් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා දක්වා ඉහළට පැමිණියේය. පලස්තීනුවන් ඉතා උනන්දුවෙන් අබු හම්සාගේ වචනවලට සවන් දුන්හ.
අබු හම්සා මෙලෙස මාධ්‍ය ප්‍රකාශක ධූරය දැරූ බව එම කාලය පුරාවට පලස්තීනුවන් දැන නොසිටියේය. නමුත් ඔහු ඉතා ජනප්‍රිය චරිතයක් විය. ඔහු ලෝකයේ බලවත්ම බලවේගයකට එරෙහිව ආරක්ෂක ප්‍රකාශකයා වී සිටියේය .
ඔවුන් සිටින්නේ ඊශ්‍රායලය පවසන පරිදි විසිතුරු බංකර් වල නොවේ. වාර්’තා වන අන්දමට ඔවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ ඔවුන්ගේ මරණයට සතියකට පෙරය.
ඔවුන් දෙදෙනාම ඇඟිල්ලෙන් ගණන් කළ හැකි දින ගණනක් හෝ පැය ගණනක් එකට ජීවත් වී නැත. අන්තිමේදී ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ඔවුන් දෙදෙනාම මිය ගියහ.
ඔවුන් මධුසමය ගතකරමින් සිටියදී ඝාතනයට ලක්ව ඇති බව වාර්’තා වෙයි.
ඔවුන්ගේ ශාස්තෘවරයා වන අල්ලාහ් දෙවියන් ඔවුන්ට පාරාදීසයේ මධුසමය ගත කිරීමට රාජ්‍යයක් ලබා දෙනු ඇත.