සාකච්ඡා අසාර්’ථක බව පවසමින් සෞඛ්‍ය වෘත්තියවේදීන් වර්’ජණයට යති

0
26

NEWSNOW | – සාකච්ඡා අසාර්’ථක වූ නිසා කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්’ජනයක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය පවසයි.

අද(17) පෙරවරුවේ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර සාකච්ඡා පැවති අතර එය අසාර්ථක වී තිබේ.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා පැවසුවේ හෙට උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්’ජනයක් සිදු කරන බවයි.

මේ අතර අද දිනයේත් දහවල් 12.00 පැයේ සිට පැය 3ක කාලයක් රජයේ හෙද නිළධාරී සංගමය විසින් දිවයිනේ සියලුම රජයේ රෝහල් ඉදිරිපිටදි වැඩවර්’ජනයක නිරත වූහ.

ඒ අය වැයෙන් හෙද නිළධාරීන්ට සිදුවූ අගතිය, දීමනා කප්පාදුව, උසස්වීම් කප්පාදුව යන කරුණු මුල් කරගනිමිනි.

මේ අද දහවල් පුත්තලම රෝහලේ හෙද නිලධාරීන්ද වැඩ වර්’ජනයේ නිරත් වූ අයුරු.