NEWSNOW | – ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව තිබේ.
අද (17) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක් විය.
අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 21 දෙනෙක් තුවාල ලබා ඇත.
තුවාලකරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි.
අනතුර සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.