පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම අද සිට

0
18

NEWSNOW | – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම අද (17) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ඒ අනුව අද(17) සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදු කරනු ඇත.

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස සිදු කෙරේ.

නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බවද මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි. මෙතෙක් ඒ සඳහා අයදුම් නොකළ සුදුසුකම් ලත් අයදුම්කරුවන්, සිය තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්’යාලයට ගෙනැවිත් භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව කියයි.