2024 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් වෙයි

0
145

NEWSNOW | – 2024 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත.

මේ අනුව අද (14) සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/ යන සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කළ හැකිය.

2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙනු ඇත.

සියලු අභියාචනා එම මාර්’ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බවද විභාග දෙපාර්’තමේන්තුව පවසයි.

පාසල් අනුව කඩයිම් ලකුණු මෙසේය.