NEWSNOW| – පාකිස්ථාන සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
දුම්රිය බලොචිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය වෙමින් තිබෙන අතරතුර පෙරේදා(11) දහවල් බලොචිස්තාන් ප්‍රාන්තයේදී මෙම දුම්රිය පැහැර ගැනුණේ මගීන් 400 දෙනෙකුද සමඟිනි.
පැහැරගැනීම සිදුකළ බලොචිස්තාන් බෙදුම්වාදීන් ප්‍රකාශකර තිබුනේ පැය 48ක් තුළ දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් නොකළහොත් මගීන් සමඟ දුම්රිය පුපුරුවා හරින බවය.
කෙසේ වෙතත් පාකිස්ථාන ආරක්ෂක දියත් කළ මෙහෙයුමකින් අනතුරුව අදාළ දුම්රිය මගීන් පිරිස මුදාගැනීමට සමත්ව තිබේ.
පාකිස්ථාන බලධාරීන් පවසන්නේ, දුම්රිය අත්පත් කරගත් සටන්කාමීන් 33 දෙනාම ඝාතනය කළ බවය.
දෙපාර්ශ්වය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකුද මියගොස් තිබුණි.