Home TOP ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් වාන් දමයි
NEWSNOW | – පවතින අධික වැසි හමුවේ වාරිමාර්’ග දෙපාර්’තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්’ග දෙපාර්තමේන්තුව පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 06ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05ක්, පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජලාශ 03ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජලාශ 03ක වශයෙන් මුළු ජලාශ 42ක් වාන් දමමින් පවති.
මෙම වාන් දමන ජලාශ අතරින් මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, රාජාංගන, ලුණුගම්වෙහෙර ජලාශ මෙන්ම සේනානායක සමුද්‍රය සහ පරාක්‍රම සමුද්‍රය ද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම දැනට පවතින ජලාශ ප්‍රමාණය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 93%ක් පමණ මේ වන විට ගබඩා කර ගැනීමටද හැකියාව ලැබී ඇති බවද වාරිමාර්’ග දෙපාර්තමේන්තුවේ සඳහන් කරයි.