ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් දිවයිනට

0
30

NEWSNOW | – ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc ) ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් සදහා අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඔහුගේ ගීත ඉහළම ස්ථානයේ පසුවන අතර ඇමෙරිකාවේ ” ග්‍රැමී ” සම්මාන උළෙලේ නිර්’දේශිත නාමයන් අතර මුළින්ම සිටින්නෙකි.

ජනාධිපති විද්‍යා සහ තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධනාවක් පරිදි ඇලෝයි බ්ලැක් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා සාකච්ඡා කිරිම සදහා මෙසේ මෙරටට පැමිණ තිබුණි .

ඇලෝයි බ්ලැක් මහතා අද උදෑසන 08.24 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එතුමා කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුලු පිරිසක් විසින් මහත් හරසරින් යුතුව පිළිගැනීමක් සිදු කෙරුණි.