Home TOP ආගමික කෘති මෙරටට ගෙන්වීම ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
NEWSNOW | – ආගමික කෘති, මෙරටට ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ඇති බවට පසුගියදා මාධ්‍ය මගින් පළ කළ පුවත අසත්‍ය බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙම ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා විසින් සිදු කළ බවට මාධ්‍ය වාර්’තා පළවූ අතර මේ සම්බන්ධයෙන් අපි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළෙමු.
එහිදී නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවේ, තමා පැවසුවේ ‘දැනට ක්‍රියාත්මක ආගමික කෘති මෙරටට ගෙන්වීමේ වාරණය ක්‍රමානුකූලව ඉවත් කිරීමට මේ දින වල සාකච්ඡා කරන බව මිස, එම වාරණය ඉවත් කර ඇත යන්න නොවන බවය. නමුත් ඇතැම් මාධ්‍ය එය වැරදියට පල කර තිබූ බව ඔහු පැවසීය.
එම තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය සමඟද සාකච්ඡා පවත්වා ඇති අතර යම් අධීක්ෂණයක් යටතේ ඉදිරියේදී එම වාරණය ඉවත් කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවේය.
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, ඉස්ලාම් ආගමික කෘති මෙරටට ගෙන්වීම තහනම් කළේය. එම තහනම ඉවත් කළ යුතු බවට මෙරට ඉස්ලාම් සංවිධාන විසින් ඉල්ලීම් කළද කුරානය දෙමළ භාෂාවට පරිවර්’තනය කර සෞදි අරාබියේ සිට මෙරටට එවන ලද ග්‍රන්ථ රැසක් වසර දෙකකට වඩා වැඩි කාලයක් රේගුවෙන් නිදහස් කර නොමැත.
මේ පිළිබඳව මෙරට ඉස්ලාම් සංවිධාන වල අවධානය යොමුව තිබේ.