හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

0
151

NEWSNOW | – තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිය නීතිඥවරු මාර්’ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා නියෝගයක් නිකුත් කළේය.