පුංචි ඡන්දයට ඇප තැන්පත් කළ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගැන නිවේදනයක්

0
116

NEWSNOW| –   2025 පළාත් පාලන මැතිවරණයට මේ දක්වා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 75ක් ඇප තැන්පත් භාරදුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 03 වන දිනෙන් ආරම්භ වූ ඇප තැන්පත් භාර ගැනීමේ ක්‍රියාවලිය අනුව පෙරේදා (07) පස්වරු 4.15 දක්වා කාලය තුළ පළාත් පාලන ආයතන 168ක් සඳහා ඇප තැන්පත් කිරීම් සිදුව ඇති බවය.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 18ක් සහ ස්වාධීන කණ්ඩායම් 57ක් එම පළාත් පාලන 168ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර ඇත.