කාලගුණය වෙනස් වන බව කාලගුණ අංශය කියයි

0
138

NEWSNOW| –      දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් ඉදිරි දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකිය.

එසේම අද (09) රාත්‍රී කාලයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එමෙන්ම උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.