NEWSNOW| – ස්විට්සර්ලන්ත ආගමික මණ්ඩලයේ නියෝජිතයන් වන පීටර් මහතා සහ ඇන්ජලා මහත්මිය පසුගියදා (28) පුත්තලම කාසිමියා අරාබි විද්‍යාල පරිශ්‍රයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ සර්වාගමික සංවිධාන නියෝජිතයන් හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ.
පුත්තලම සර්වාගමික සංවිධානයේ සම සභාපති සහ උලමා සභාවේ දිස්ත්‍රික් සභාපති අශ්ශෙයික් අබ්දුල්ලා මොහොමඩ් ආලිම් මහතා සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සර්වාගමික නායකයින් කිහිප දෙනෙකු මීට වසර කිහිපයකට පෙර ස්විට්සර්ලන්තයේ සර්වාගමික මන්දිරයට ගොස් තිබිණි.
එහිදී දැන හැදින ගත් මෙම නියෝජිතයින් වසර කිහිපයකට පසු ලංකාවට පැමිණ තිබේ.
මෙම රැස්වීමට පුත්තලම දිස්ත්‍රික් සර්වාගමික සංවිධානයේ සම ප්‍රධානීන් වන බුද්ධියාගම රතන හිමි, සුන්දරාරාම කුරුක්කල්තුමා, කෙනඩි පියතුමා, අෂ්ෂෙයික් අබ්දුල් මුජීබ් මවුලවිතුමා, කාසිමියා අරාබි විද්‍යාලයේ විදුහල්පති අෂ්ෂෙයික් එච් එම් මින්හාජ් ඇතුළු ආගමික නායකයින් සහ සංවිධානයේ වැදගත් සාමාජිකයින් රැසක් සහභාගී වූහ.
මෙම හමුවේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සර්වාගමික සංවිධානය පසුගිය කාලය පුරා ආගම් අතර සහජීවනය ඇති කළ ආකාරය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි.
එලෙසම ස්විට්සර්ලන්තයේ ආගමික සභාව මගින් සිදුකෙරෙන සර්වාගමික සංහිඳියා කටයුතු කෙබඳුද යන්න එහි පැමිණ සිටි පීටර් සහ ඇන්ජලෝ යන නියෝජිතයන් දෙදෙනා ජනතාවට පැහැදිලි කළහ.
මෙම හමුවේදී දෙපාර්ශ්වයම ස්විට්සර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට අදාළ යහපත් අත්දැකීම් පිළිබඳව විවෘතව සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබා ගත්හ.
ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම පුත්තලම ප්‍රදේශයේ ඇති මිත්‍රශීලී සහ සුහද වාතාවරණය ස්විට්සර්ලන්ත ජාතිකයින් ආකර්ෂණය කර ගත් බව මෙම සාකච්ඡාවේදී පැහැදිලි විය.
කාසිමියා අරාබි විද්‍යාලය සහ එහි කළමනාකරණ සභාව එක්ව මෙම රැස්වීම සංවිධානය කර තිබීමද විශේෂත්වයකි.