පිටකොටුව, බංගසාල වීදියේ වෙළෙඳසැලක හටගත් ගින්න මැඩ පැවැත්වේ

0
170

NEWSNOW| – පිටකොටුව, බංගසාල වීදියේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.

අද (05) සවස 6ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

මහල් තුනකින් සමන්විට ගොඩනැගිල්ලේ එක් මහලක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බවද වාර්ථා වේ.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 07ක් යොමු කළ බවයි.

ගින්න මැඩපැවැත්වීට පැය 2ක පමණ කාලයක් ගත වී තිබේ.

මෙම වෙළෙඳසැල ප්ලාස්ටික් විසිතුරු මල් අලෙවිකරණ ස්ථානයක් බව වාර්තා වේ.