NEWSNOW | – පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට කැඳවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
මෙම සාකච්ඡාව එළැඹෙන සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට (06) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ගැනීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙය වේ.