පාකිස්ථාන – ශ්‍රී ලංකා ද්විපාර්’ශවික වෙළෙඳාම ඉහළ නැංවී කෙරෙහි අවදානය

0
24

NEWSNOW | –  පාකිස්ථාන – ශ්‍රී ලංකා ද්විපාර්’ශවික වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා දෙරට අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබදව අවධානය යෙමු කරයි.

කථානායක ජගත් වික්‍රමරත්න සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ෆහීම් උල් අසීස් අතර පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු කර ඇත.

එහිදී ද්විපාර්’ශවික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සහ දෙරටේ වෙළඳ හා සංචාරක ක්ෂේත්‍රවල ද්විපාර්’ශවික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම පිළිබදව අවධානය යොමුව ඇත.

එසේම අවබෝධතා ගිවිසුම් හරහා දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් තවදුරටත් මාර්’ග ගවේෂණය කිරීම කෙරෙහි ද මෙහිදී දෙරටේ නියෝජිතයන් සාකච්ඡා කර තිබුණි.