වන අලි දුම්රියවල ගැටීම හානිය අවම කිරීමට වැඩපිළිවෙලක් ඉල්ලා අධිකරණයට පෙත්සමක්

0
37

NEWSNOW | – වන අලි දුම්රියවල ගැටීම අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්’ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසිනි.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වන අලින් දුම්රියවල ගැටීමේ සිදුවීම් මේ වනවිට වර්’ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවයි.

2011 වසරේ දිවයින පුරා සිදු කරන ලද වන අලි සංගණනයකදී මෙරට වන අලි සංඛ්‍යාව 5879 ක්ව පැවති අතර මෑතක දී සිදු කරන ලද සංගණනයේදී එම සංඛ්‍යාව 3130 ක් දක්වා පහත වැටී තිබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබේ.

පසුගිය වසර 13 තුළ දුම්රිය වල ගැටීම හේතුවෙන් අඩුම වශයෙන් අලි ඇතුන් 151 ක් දෙනෙකු මියගොස් ඇති බවට නිල වාර්’තා අනාවරණය කරන බව එම පෙත්සමේ සඳහන් වේ.