NEWSNOW | – මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ඊශ්‍රායල-පලස්තීන යුද්ධය කේන්ද්‍ර කරගනිමින් නිර්’මාණය වූ “නෝ අනර් ලෑන්ඩ්” චිත්‍රපටය හොඳම වාර්’තා චිත්‍රපටය සඳහා සම්මානය දිනා ගෙන තිබේ.
දෙරට අතර ඇති ගැටළු කේන්ද්‍ර කරගත් මෙම චිත්‍රපටයේ, දෙරට සාමකාමීව ඉදිරියට යාමේ අවශ්‍යතාවය අවධාරණය කරන දර්ශන ඇතුළත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, හොඳම වාර්තා චිත්‍රපටය ලෙස “No Other Land” චිත්‍රපටය තේරී පත් වී තිබේ.
97 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වූ අතර ‘නෝ අදර් ලෑන්ඩ්’ වාර්’තා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු පලස්තීන ජනතාවගේ ජන සංහාරයට එරෙහිව හඬ නැගූහ.
“No Other Land” චිත්‍රපටය යුවල් ඒබ්‍රහම්, බාසල් ආද්‍රා, හම්දාන් බලල් සහ රේචල් සෝර් විසින් සම අධ්‍යක්ෂණය කරන ලදී. ඔවුන්ගෙන් එක් අයෙක් කාන්තා අධ්‍යක්ෂවරියකි. “”No Other Land” යනු ඊශ්‍රායල රජය විසින් අවතැන් කරන ලද පලස්තීන පවුලක කතාවකි.
සම්මාන වේදිකාවේදී, ඔවුන් පලස්තීන ජන සංහාරයට එරෙහිව කතා කිරීමෙන් අවධානය දිනා ගත්හ. ගාසා යුද්ධයට දේශපාලන විසඳුමක් සොයා ගත යුතු බව ඔවුහු අවධාරනය කළහ.
අධ්‍යක්ෂ ආද්‍රා පැවසුවේ, “පලස්තීන ජනතාවට එරෙහි අසාධාරණයට එරෙහිව බරපතල පියවර ගන්නා ලෙස අපි ලෝකයෙන් ඉල්ලා සිටිමු” යන්නයි.
පලස්තීන ජනතාවට එරෙහි ජන සංහාරය නතර කරන ලෙස අපි ඉල්ලා සිටිමු. මම තාත්තා කෙනෙක් වුණේ මාස දෙකකට කලින්. මගේ දුවට මගේ වගේ ජීවිතයක් ගත කරන්න සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. “No Other Land” කෙටි චිත්‍රපටය අප මුහුණ දෙන දුෂ්කර ජීවිතය පිළිබිඹු කරන අතර වසර ගණනාවක් තිස්සේ එය අත්විඳින අතරතුර අප එයට එරෙහිව අරගල කරන ආකාරය පෙන්වයි.” ආද්‍රා පලස්තීන මාධ්‍යවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියකි.
චිත්‍රපටයේ තවත් අධ්‍යක්ෂවරයෙකු වන ඒබ්‍රහම් පැවසුවේ, “අපි මේ චිත්‍රපටය එකට නිර්’මාණය කළ බවය.
හේතුව ඊශ්‍රායලය සහ පලස්තීනය එකට කතා කළහොත් එම හඬ වඩාත් ශක්තිමත් වනු ඇත. අපි එකිනෙකා දෙස බලමු. ගාසා තීරයේ විනාශය සහ ඒ ජනතාවගේ දුක් වේදනා අපි දකිනවා. ඔවුන්ගේ දුක් වේදනා අවසන් විය යුතුයි. ඔක්තෝම්බර් මාසයේදී අල්ලා ගන්නා ලද සියලුම ඊශ්‍රායල සිරකරුවන් නිදහස් කළ යුතුය.
මම සිවිල් නීතියෙන් පාලනය වන රටක නිදහසේ ජීවත් වෙනවා. නමුත් මා සමඟ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ බාසල් ජීවත් වන්නේ හමුදා පාලනය යටතේය. ඒකෙන් එයාගේ ජීවිතේ විනාශ වෙනවා. සෑම ගැටලුවකටම වෙනස් මාර්’ගයක විසඳුමක් තියෙනවා. එය දේශපාලනික විසඳුමකි. “වාර්’ගික ආධිපත්‍යවාදී අදහස් අතහැර දමා, අපේ රටවල් දෙකෙහි ජනතාවට අයිතිවාසිකම් ලබා දිය හැකි විසඳුම එයයි.” ඔහු කිව්වා.
"No Other Land" director Basel Adra: "We call on the world to take serious actions to stop the injustice and to stop the ethnic cleansing of Palestinian people." | #Oscars pic.twitter.com/NzoqLKiBSJ
— Variety (@Variety) March 3, 2025