Home TOP මෙවර ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි
NEWSNOW | – 2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය Anora චිත්‍රපටයට හිමි විය.
එම චිත්‍රපටය ෂෝන් බේකර් විසින් අධ්‍යක්ෂණය කළ අතර, ඔහුට හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ඔස්කාර් සම්මානයද හිමි වුණි.
එමෙන්ම, හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ 26 හැවිරිදි මයිකි මැඩිසන් ට එම ඔස්කාර් සම්මානය හිමිවුණේ ද Anora චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි.
Anora යනු 2024 දී තිර රචනය කර, අධ්‍යක්ෂණය කර, සංස්කරණය කරන ලද ඇමරිකානු ආදර හාස්‍ය – නාට්‍ය චිත්‍රපටයකි.
එසේම 2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය කීරාන් කල්කින් දිනා ගෙන තිබේ.
ඒ ඔහු රංගනයෙන් දැයක වූ “A Real Pain” චිත්‍ර පටය සඳහාය.
මෙය ඔහුගේ ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව වන අතර ඔස්කාර් සම්මාන සඳහා නිර්’දේශ වූ පළමු අවස්ථාව බවද සඳහන් වේ.
97 වන වරටත් පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල ඊයේ (02) අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත් විය.
කීරාන් කල්කින් පළමු වරට වයස අවුරුදු 7 දී “Home Alone” චිත්‍රපටයේ ළමා චරිතයක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.
මේ අතර හොඳම සහාය නිලය සඳහා හිමි සම්මානය හිමි වුයේ ‘Emilia Perez’චිත්‍ර පටයේ රංගනයෙන් දායක වූ සෝයි සල්ඩානාටය.
හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත්තේ ‘The Brutalist’චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇඩ්‍රියන් බ්‍රෝඩි ය.