දිස්ත්‍රික්ක දෙකකට නායයෑම අනතුරු ඇඟවීම

0
130

NEWSNOW| –  පවතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ  බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, පස්සර, හාලි ඇළ, බදුල්ල,  හපුතලේ, මීගහකිවුල, ඌව පරණගම සහ සොරණාතොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් වන්න ලෙස අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 12.30 සිට හෙට පස්වරු 12.30 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.