රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නැහැ – රජය කියයි

0
144

NEWSNOW| –  රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව රජය අවධාරණය කරයි.

කම්කරු අමාත්‍ය මෙන්ම ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා අද (01) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අද (1) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

මෙහිදී අනිල් ජයන්ත මහතා පෙන්වා දුන්නේ රටතුළ ඉන්ධන අර්බුදයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන අර්බුයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.