දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

0
33

NEWSNOW| –

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන සැකකරුවන් ලෙස නම් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කරයි.

ඊට හේතුව 2023 වසරේ දෙසැම්බර් 31වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළවයි.

2023 වසරේ දෙසැම්බර් මස 31වනදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හරක් කටාගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර වැලිගම ප්‍රදේශයට ගොස් තිබුණි.

එම සිදුවීමේදී වැලිගම පිහිටි W 15 හෝටලය දෙස සිට සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් වෙත ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය පවසයි.