ග්‍රහලෝක 05ක් එකවිට දර්ශනය වන දුර්ලභ අවස්ථාවක්

0
117

NEWSNOW | – අහසේ දර්’ශනයවන ග්‍රහලෝක 07කින් 05ක්ම අද (28) දිනයේදී පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි බව තාරකා විද්‍යාඥයින් පවසයි.

තාරකා විද්‍යාඥ මහාචාර්’ය චන්දන ජයරත්න පවසන්නේ මෙම ග්‍රහලෝක 07ක් දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් පසුගිය 25 වැනිදා සිට උදා වුණි.

එමෙන්ම අනිකුත් ග්‍රහලෝක දෙක නැරඹීම සඳහා කුඩා දුරේක්ෂයක් අවශ්‍ය බවද ඔහු පවසයි.

ඒ අනුව අද පස්වරු 06.30 සිට පස්වරු 07.10 දක්වා කාලය තුළදී ග්‍රහලෝක 05ක්ම පියවි ඇසින් නිරීක්ෂණය කල හැකිවේ.

තවද, මේ ආකාරයෙන් නැවත ග්‍රහලෝක 07ක් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවෙන්නේ 2040 වසරේදී බව ඔහු සඳහන් කළේය.