අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි

0
35

NEWSNOW| –  අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි.

මේ අනුව අද දින ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ.

ඊයේ ආරම්භ වූ කාරක සභා අවස්ථාවේ විවාදය එය ලබන 21 දක්වා ක්‍රියාත්මකයි.

මේ අතර ඊයේ (27) පැවැති විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පසුගිය රජයන් විසින් පත්කළ ජනාධිපති කොමිෂන් සභා 14කට රුපියල් කෝටි 53කට අධික මුදලක් වැයකර ඇති බවය.