හෙද නිළධාරීන් අද විරෝධතාවයකට සැරසෙයි

0
142

NEWSNOW | – අදිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමිනි.

මේ අනුව අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වීමට නියමිතය.

මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන බව ද නාලක හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.