තායිලන්ත කරාටේ කුසලාන 2025 තරඟාවලියෙන් ශූරතාව දිනු ශ්‍රී ලංකා පාසල් කරාටේ කණ්ඩායම දිවයිනට 

0
200
NEWSNOW | – 05 වන තායිලන්ත කරාටේ කුසලාන 2025 ජාත්‍යන්තර කරාටේ ශූරතා තරගාවලියට, පළමු වරට සහභාගී වූ ශ්‍රී ලංකා පාසැල් කරාටේ කණ්ඩායම රන් පදක්කම් 32 ක් , රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගනිමින්, මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගෙන තිබේ.
එම සිසුන් පිරිස ඊයේ (26) රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියහ .
මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ලෝකයේ රටවල් 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කගේ සහභාගීත්වයෙන් පසුගිය 23 දා දක්වා පවත්වා තිබුණි.
ඊට ශ්‍රී ලංකාවේ පාසැල් 30 ක කරාටේ ක්‍රීඩකයින් 19 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 17 දෙනෙකු සහභාගී වී සිටියහ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.-140 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සදහා විශාල දෙමාපියන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.