ඩොලර් මිලියන 5කට ඇමෙරිකාවේ පුරවැසිභාවය

0
256

NEWSNOW | –   ඩොලර් මිලියන 5ක මුදලකට අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අලෙවි කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසා තිබේ.

එසේම අමෙරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් මේ වන විට ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ක්‍රියාත්මක අතර ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි ‘ගෝල්ඩ් කාඩ්’ ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.

එහිදී ධනවත් විදේශිකයින් හට ඩොලර් මිලියන 5ක ගාස්තුවකට අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගත හැකි බවත්, එමගින් අමෙරිකාව තුළ වාසය කිරීමට මෙන්ම රැකියා හා ව්‍යාපාර කිරීමේ අයිතිය ද ඔවුන්ට හිමි වන බවත් ඔහු මෙහිදී කියා සිටී.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ සති දෙකකින් පමණ මෙම නව ‘ගෝල්ඩ් කාඩ්’ විකිණීමේ වැඩිපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති බවය.