ඉස්ලාම් – බෞද්ධ සමුළුව හෙට(27) කම්බෝජයෙදී ඇරඹේ

0
267

NEWSNOW | – සෞදි අරාබියේ ශුද්ධ වූ මක්කම මූලික කර ගත් මුස්ලිම් ලෝක සංගමය විසින් පෙබරවාරි 27 වන හෙට දින කාම්බෝජයේ සොකා නොම් පෙන් හෝටලයේදී ඉස්ලාම්-බෞද්ධ සමුළුව ආරම්භ කිරීමට නියමිතය.

කාම්බෝජ රාජධානියේ අගමැති හුන් මැනට්ගේ ප්‍රධානත්වයෙන් සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වෙන බව කාම්බෝජ ඉස්ලාමීය කටයුතු පිළිබඳ විශේෂ මෙහෙවර භාර ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුස්ලිම් ලෝක ලීගයේ උත්තරීතර කවුන්සිලයේ සාමාජික ආචාර්’ය ඔත්ස්මන් හසන් පවසයි.

සාමකාමී සහ ආගමික සහජීවන සමාජයක් ගොඩනැගීම සඳහා දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීම කෙරෙහි මෙම රැස්වීම අවධානය යොමු කරනු ඇති බව ඔහු පැවසීය.

ඉස්ලාම් – බෞද්ධ සමුළුව සංවිධානය කිරීමෙන් විවිධ ජාතීන්ට සහ ආගම්වලට අයත් ජනතාව අතර සාමය, ඉවසීම සහ සාමකාමී සහජීවනය ගොඩනැගීම සඳහා කාම්බෝජයේ අත්දැකීම් වලින් අනෙකුත් රටවලට ඉගෙන ගැනීමට ඉඩ සැලසෙන බව ආචාර්’ය ඔත්ස්මන් හසන් පැවසීය.

මෙම සමුළුව සඳහා රටවල් 35 කින් විදේශීය නියෝජිතයින් 200 ක් පමණ සහ මුළු සහභාගිවන්නන් 1,000 ක් පමණ වනු ඇතැයි අපේක්‍ෂා කරයි.

මෙම සමුළුව සඳහා සහභාගී වීමට අමරපුර නිකායේ මහා නායක අති පූජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස මහා නායක හිමි ඇතුළු පිරිසක් එහි ගොස් සිටිති.