ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප

0
190

NEWSNOW | – බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 9ක ලිහිල් සිරදඬුවම් විදිමින් සිටියදීය.

එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු තමන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.