කොවිඩ්-19 වසංගතයට සමානව පැතිරෙන තවත් වෛරසයක්

0
31

NEWSNOW| –  කොවිඩ් -19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන ඇත.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ බව වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් පවසා ඇති බවය.

මෙම වෛරසය කොවිඩ් 19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයකි.

HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය හොංකොං හී japanese pipistrelle නම් වවුලත් තුළ සොයාගත් HKU5 කොරෝනා වෛරසයේ නව පරම්පරාවක් බවද සඳහන් වේ.

රසානාගාර පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ වෛරසය මිනිස් සෛල, පෙහළු සහ බඩවැල් පටකවලට ආසාදනය කළ හැකි බවය.

එමෙන්ම වෛරසය එහි සම්ප්‍රේෂණ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවද පර්ශේෂකයින් පවසයි.