කැළණි වැලි දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට දැනුම් දීමක්

0
38

NEWSNOW| –  කැලණිවැලි මාර්ගයේ අද (22) සහ හෙට (23) ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටවා තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් නිසා මෙම පියවර ගෙන ඇති බවය.

ඒ අනුව පහත සඳහන් දුම්රිය ධාවනය අද සහ හෙට ධාවනය කිරීම තාවකාලිකව නතර කෙරෙනු ඇත.

අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)
අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව – පාදුක්ක (මන්දගාමී)
අංක 9261 | ප.ව. 04:00 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)
අංක 9657 | ප.ව. 12:25 අවිස්සවේල්ල – කොළඹ කොටුව (මන්දගාමී)
අංක 9661 | ප.ව. 03:45 පාදුක්ක – කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)

මෙම දුම්රිය ධාවනය  අත්හිටවුවද රාත්‍රී කාලයේදී දුම්රිය ධාවනය කෙරෙන බව දැනුම් දෙයි.