NEWSNOW| – අද (22) අලුයම උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසලදී බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය සඳහන් කළේ මෙලෙස ගිනි ගෙන ඇත්තේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් බවයි.
මෙම බස් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණි පිරිසක් ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇත.
ඔවුන් පැමිණි බස් රථයේ මෙලෙස ගින්නක් හටගෙන ඇත.
එම බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසුවී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්වී ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හසු වූ බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන ඇත.
උඩමළුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.