සෞදි අරාබි රජයේ ආධාර මත නැගෙනහිර පළාතේ අඩු ආදායම්ලාභී ජනතාවට අක්ෂි සැත්කම් රැසක්

0
41

NEWSNOW|- සෞදි අරාබි රජය විසින් ගනු ලබන මානුෂීය ප්‍රයත්නයන් මත සෞදි අරාබියේ සහන සහ මානුෂීය ආධාර සඳහා වූ කිං සල්මාන් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ මානුෂීය වැඩසටහන් මාලාවක් ලෙස අක්ෂි දුර්වලතා රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ස්වේච්ඡා වැඩසටහනක් ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලදී.

ඒ පසුගිය වසරේ (2024) නොවැම්බර් 11 සිට 16 දක්වා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ “කාතන්කුඩි” ප්‍රදේශයේදීය.

මෙම වැඩසටහන හරහා රෝගීන් දහස් ගණනකගේ අක්ෂි පරීක්‍ෂාව, වෛද්‍ය සේවා සැපයීම, අවශ්‍ය අයට ශල්‍යකර්’ම සිදුකිරීම, ඖෂධ ලබාදීම, කොන්ජන්ටිවා ඉවත් කිරීම, කඳුළු නාළ අවහිර වීම, රෝගීන්ට බෙහෙත් සහ කණ්නාඩි ලබාදීම සිදු කෙරේ.

වැඩසටහන් මාලාවේදී වෛද්‍ය පරීක්ෂණ – 4484,  කණ්නාඩි බෙදා දීම – 974, ඇසෙහි සුද ඉවත් කිරීමේ සැත්කම් – 478  සිදුකර ඇත.

සහන සහ මානුෂීය ආධාර සඳහා කිං සල්මාන් මධ්‍යස්ථානය පෙබරවාරි 18 සිට 23 දක්වා කාලය තුළ දකුණු ශ්‍රී ලංකාවේ “වලස්මුල්ල” ප්‍රදේශයේ රජයේ රෝහලේ තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි.

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව යන දෙරට අතර පවතින විශිෂ්ට සබඳතා මත ලොව පුරා සිටින අඩු ආදායම්ලාභී සහ විපතට පත් ජනතාවගේ දුක් වේදනා දුරු කිරීම සඳහා මෙම මානුෂීය කටයුතු සිදු කිරීම විශේෂත්වයකි.