හමාස් සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියකු ඝාතනය කෙරේ

0
57

NEWSNOW| – ලෙබනනයේදී ඊශ්‍රායල ඩ්‍රෝන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියකු වූ මොහොමඩ් ෂාහින් මිය ගියේය.

මොහොමඩ් ෂාහින් හමාස් සංවිධානයේ ලෙබනන් ශාඛාවේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

ලෙබනනයේ සිදොන් හි ප්‍රධාන මාර්ගයක මෝටර් රථයකට ඩ්‍රෝන ප්‍රහාරයක්.

වසරකට වැඩි කාලයක් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවති යුද්ධය තාවකාලිකව නතර කර තිබෙනවා. මේ යුද්ධයෙන් දහස් ගණනක් මිය ගියා.

මේ අතර හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමක් යටතේ අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් සිටියි. ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් වෙනුවට තම රටේ සිරගෙවල්වල සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කර ඇත.

මේ අතර මෙම යුද්ධයේදී හමාස් සංවිධානයට සහය පළ කරමින් ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේය.

ඊශ්‍රායලය ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූවා. එසේම ඊශ්‍රායලය සිය හමුදා ලෙබනනය තුළ ස්ථානගත කර ඇත. යුද්ධය දැන් නතර වී ඇති හෙයින්, ඊශ්‍රායල හමුදා ලෙබනනයෙන් ඉවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, ආරක්ෂක හේතූන් මත ඊශ්‍රායලය ලෙබනනයේ මායිම් ගම්මානවල ඇතැම් ප්‍රදේශවලින් සිය හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර නොගන්නා බව වාර්තා වේ.

එසේම ලෙබනනයේ ක්‍රියාත්මක හිල්බුල්ලා සහ හමාස් කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය වරින් වර ප්‍රහාර එල්ල කරයි.

ටෙල් අවිව් සහ හිස්බුල්ලා අතර මාස ගණනාවක් තිස්සේ පැවති අන්‍යෝන්‍ය ෂෙල් ප්‍රහාර අවසන් කළ සටන් විරාම ගිවිසුමක් යටතේ ඊශ්‍රායල හමුදාව ඊයේ දකුණු ලෙබනනයේ සිට සිය හමුදා ඉවත් කර ගැනීමට සූදානම්ව සිටියදී මෙම ප්‍රහාරය එල්ල විය.