NEWSNOW | – 2025 වර්’ෂයට අදාළ රජයේ අයවැය අද (17) පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්’ෂය සඳහා වන රජයේ අයවැය පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වනදා සිට 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිතය.
එසේම දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට කයුතු යොදා ඇත.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.
ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇත.