Home TOP 2025 රජයේ අයවැය හෙට පාර්ලිමේන්තුවට
NEWSNOW | – 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති ධුරයට පත් අනුර කුමාර දිසානායක මහතාගේ පළමු අයවැය මෙය වෙයි.
ඒ අනුව හෙට උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතය.
අනතුරුව පෙබරවාරි 25 ප.ව 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව ඇත.
ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ.
මේ අතර අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.