70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට පෙබරවාරියේ සිට දීමනාවක්

0
49

NEWSNOW| –  අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය මඟින් අස්වැසුම ගිණුම් වලට අදාළ දීමනාව ගිණුම්ගත කරන බව රජය පවසයි.

ජාතික වැඩිහිටි ලේකම් කාර්යාල පවසන්නේ අස්වැසුම පවුල් වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල් / උපතැපැල් කාර්යාල හරහා මෙම  ගෙවීම් කිරීමට කටයුතු කරනු ලබන බවයි.

එසේ වුවද, විවිධ වූ ප්‍රායෝගික ගැටළු හේතුවෙන් පසු ගිය කාල සීමාවේදී යම් නිශ්චිත දිනයක් තුළ දීමනාව ගෙවීමට නොහැකි වීමෙන් වැඩිහිටියන් අපහසුතාවයට පත් වූ බැවින්, අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2025 වර්ෂයේ පෙබරවාරි මස දීමනාව සහ හිඟ දීමනා තැපැල්/උපතැපැල් කාර්යාල හරහා පෙබරවාරි මස 20 වන දින සිට ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද දැනුම් දෙයි.