අල්ලස් ලබාගත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

0
108

NEWSNOW| – රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ.

ඔහු විසින් එම මුදල ලබා ගන්නා අවස්ථාවේදී ගලේවෙල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි.