හෙට වන විට සියළු සිරකරුවන් නිදහස් කරන්නැයි ට්‍රම්ප් කළ ප්‍රකාශයට හමාස්ගෙන් පිළිතුරු

0
57

හෙට(15) දිනය වන විට සියළු සිරකරුවන් නිදහස් කරන්න එසේ නැතහොත් සටන් විරාම ගිවිසුම අහෝසි කර යළි යුද්ධය ආරම්භ කරන බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයට හමාස් සංවිධානය පිළිතුරු ලබාදී තිබේ.

ඒ අනුව හෙට දිනයේ නිදහස් කරන ඊශ්‍රායල සිරකරුවන්ගේ නම් අබු උබයිදා හෙළි කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔවුන් හෙට දින
සාෂා ඇලෙක්සැන්ඩර් ටෘබනොව්, සාගි ඩෙකල් හන් සහ යායර් හෝන් යන සිරකරුවන් නිදහස් කරන බව අබු උබයිඩා ප්‍රකාශ කළේය.

ඉස්ලාමීය ජිහාද් ව්‍යාපාරයේ හමුදා අංශය වන අල්-කුඩ්ස් බළකාය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේ හුවමාරු ගනුදෙනුවේ හයවන අවස්ථාවේ කොටසක් ලෙස රුසියානු-ඊශ්‍රායල් ඇලෙක්සැන්ඩර් ටර්බනොව් නිදහස් කරන බවයි.

ඊශ්‍රායල පැත්තෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ “හමාස් වෙතින් පැමිණි සිරකරුවන්ගේ ලැයිස්තුව අපට පිළිගත හැකි” බවයි.

හමාස් වෙතින් එම ලැයිස්තුව පැමිණීමෙන් පසු නිදහස් කිරීමට නියමිත සිරකරුවන්ගේ පවුල්වලට ඊශ්‍රායල බලධාරීන් දැනුම් දීමට පටන් ගත් බව Walla වෙබ් අඩවිය වාර්තා කළේය.