හිටපු ජනපතිගේ නිවසේ කොටසකට ජල සැපයුම විසන්ධි කරයි

0
115

NEWSNOW | – කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ ආරක්ෂක අංශයට ජල සැපයුම විසන්ධි කර ඇති බව වාර්’තා වෙයි.

ඊට හේතුව රුපියල් ලක්ෂ 3 ක හිඟ බිල්පතක් පියවීමට අපොහොසත් වීම හේතුවෙන් බව වාර්’තා වෙයි.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටින කොටසේ ජල සැපයුමට ඉන් බලපෑමක් සිදුවී නොමැත.

එම දේපළ සඳහා ජල බිල්පත් ජනාධිපති ලේකම් කාර්’යාලය විසින් ගෙවනු ලබන බව හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත පවසා තිබේ.