ජනපති ඇතුළු පිරිස යළි දිවයිනට

0
136

NEWSNOW | – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) උදෑසන දිවයිනට පැමිණියේය.

08.25ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන් යානයෙන ඔහු ඇතුළු පිරිස මෙරටට පැමිණ තිබේ.

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 10 වන දින දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෝහෝ රාජ්‍ය නායකයින් මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර ඊයේ(12) දිනයේදී ඩුබායිහි පැවැත්වූ 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතුවේය.

ටී.කේ.ජී. කපිල – කටුනායක