NEWSNOW | – දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.
එහි දැක්වෙන්නේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය පසුව එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කර ඇති බවය.
එහෙත් සැබෑ ගැටලුව කුමක් ද යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව විපක්ෂ නායකවරයා එම සටහනෙන් පෙන්වා දෙයි.
විදුලිය විසන්ධිවීමට ප්‍රධානතම හේතුව සූර්’ය බල විදුලි උත්පාදනය වැඩි නොකිරීම සහ අඩු ඉල්ලුම් කාලවේලාවන් කළමනාකරණය නොකරන දුර්’වල පාලනයක් පැවතීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරයි.