Home TOP ලෝක රාජ්‍ය නායක සමුළුව අදින් ඇරඹේ

ලෝක රාජ්‍ය නායක සමුළුව අදින් ඇරඹේ

0
187

 NEWSNOW | – ලෝක රාජ්‍ය නායක සමුළුව අද (11) ආරම්භ වීමට නියමිතය.

මේ අනුව අද සිට ලබන 13 වනදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙයි.

ඊයේ පස්ඩුවරුවේ බායි වෙත ළඟා වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස්අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසීම් හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එම හමුවේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික සහ අයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

අනතුරුව ජනාධිපතිවරයා ඩුබායි හි පිහිටා ඇති ප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගී වී ඇති බව සඳහන්ය.

ජනාධිපතිවරයා හෙට(12) පස්වරු වේ මෙම සමුළුව ඇමතීමට නියමිතය.