මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වර්’ධනය පිළිබඳව තුර්’කියේ අවධානය

0
152

NEWSNOW | –  තුර්’කිය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්’ය භාරයක් ඉටු කරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්’ය මධුර සෙනෙවිරත්න මහතා සමඟ තුර්’කි තානාපති Semih Lütfü Turgut පසුගියදා සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්’ය මධුර සෙනෙවිරත්න මහතා සමඟ අපගේ සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම ගැන තමන් සතුටට පත්වන බව ඔහු පැවසීය.