NEWSNOW | – දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී තිබේ.
ඒ දුම්රිය හරස් මාර්ග ආශ්‍රිත සංඥා පද්ධති ක්‍රියාත්මක වීමේ ගැටලු මතුවීම හේතුවෙනි.
මේ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලටද සුළු වශයෙන් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂිත ගේට්ටු ක්‍රියාත්මකවීමේ ගැටලු ඇතිව තිබෙන බවද වාර්තා වේ.
ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන මෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ම