කැරිබියන් දූපත් ආශ්‍රිතව දැඩි භූකම්පන තත්ත්වයක්

0
143

NEWSNOW| –   අද(09) අළුයම කැරිබියන් දූපත් ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 7.6ක භූකම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්පසු රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවය.

මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.