පහරදීමකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීම් රෝහල්ගත කෙරේ

0
188

NEWSNOW| –  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.නලීම් මහතාට පහරදීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

අද (08) පෙරවරුවේ එරාවුර්හි ආදාර් රෝහල ඉදිරිපිටදී ඔහුට කිසියම් පිරිසක් පහර දී ඇත.

ඉන්පසු මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.